
ආදරයට දිනයක් ඇයි වෙන්
කරලා ඇත්තේ
හදවත් දෙක එක් වෙනතැන
රසයකි එහි ඇත්තේ
නෙතට නෙතක් මුණ ගැහුනම
අමුතු ජවය ගත්තේ
ආදරයෙන් මුළා වෙලා සමහරු
ඇන ගත්තේ
සාජහන්ලා මුම්ටාස්ලා අද
ලෝකයේ නැත්තේ
රාමා සීතා කතාව එදවස
සිත ගත්තේ
සමහරුන්ට ආදරයට බාධා
හැම පැත්තේ
ඒ කාලේ පැනල ගිහින් තමයි
නේ ජය ගත්තේ
දුගී පැලෙත් මාළිගාවේ නැහැ
වෙනසක් එයට
එය ඔසුවකි සනසන සිත
සහන ගෙනෙයි සැමට
විරහව වේදනා ගෙනෙයි
සමහරුන්ගේ සිතට
සැබෑ ආදරය කොහිබද
සොයමුද අපි දිගට
පාසැල් කාලයේ ප්‍රේමය හරිම
අමුතු එකකී
යෞවනයේ ඒ ප්‍රේමය සැවොම
විඳින දෙයකී
අතැඟිලි පටලා දැවටී දැවටී
ඇදෙන සෙයකී
අතහැරලා ගියොත් අනේ
ජීවිත ගිණි ගොඩකී
සැබෑ ආදරය වයසක් කුල
ආගම් නැත්තේ
ස්පර්ශය සිප ගැන්ම උණුසුමක්
ඒ තුල ඇත්තේ
එපා! එපා! සිත් රිදවනු
හද බිඳිලා ඇත්තේ
සිතම ගිලන් වෙලා සිරුර
සවියක් නැත මුත්තේ
විරහව මත හඬන තරම්
රැවටීමය නමකී
ගලනා කඳුළැලි දෙනෙතින්
ශෝකයේ පැති කඩකී
සමාජ මාධ්‍යය ගැන ඔබ
අවධානය සොඳකී
අද සමාජේ අනාගතය
දරුවන් ගැන දුකකී
ඒ කාලයේ දෙමව් පියන්ට වැලන්ටයින්
තිබුණේ නැත
එහෙත් පණට පණ ආදරය කලේය.
අද දික්කසාදය කලාවකි.
ආදරය මුලාවකි.
තාක්ෂණයේ දියුණුව මිනිසාගේ
සාරධර්ම මොටකර ඇත.
දෙමව්පියන්ට ඒ ගැන දැණුම
අල්පය.
ඔඹේ දරුවාගේ ආදරය ගැන
දෙමව්පියන් දැණුම ලැබිය
යුතුමය.
තාක්ෂණය මායාව අවට ලෝකයේ
සැරි සරන්නේය.
ආදරය ගැන විරහව ගැන
ලියූ කවි ගී පද මා රස විඳිමි!
මායාව! මායාව! සිත රවටනා
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
ළමා කාලයේ ඒ රස වින්ද ගීත
අද යතාර්ථය සමඟම රස විඳින්නේය.
ආදරයට ආදරෙයි!
ලියන්නේ සිත්ති සීනත්
1 comments On ආදරවන්තයින්ගේ දිනය
Keep it up