කාන්තාව

1.හොඳ ගැහැණිය පිරිමියකුගේ
හද බඳින්නීය.
ලස්සන ගැහැණිය ඔහුව
මෝහනය කරන්නීය.
කරුණාවන්ත ගැහැණිය නම්‍
ඔහුව ලබාගන්නීය.

2.ආත්ම පරිත්‍යාගයේ ගොළුවත
රකිමින් දුක් වේ‍දනා නිහඬව
දැරීමේ‍ නිමතමානීත්වය හා
බුද්ධිමත් බවේ‍ සංකේතය
කාන්තාවයි.

3.අනාගත පරපුරේ සහ්‍යත්වය
සංස්කෘතිය,ශිෂ්ටාවාරය
වර්තමාන වනිතාවගේ
සදාවාරය මත රඳා පවතී.

4.සැපතේදී තුරුළු වන
ගැහැනියට වඩා විපතේදී
මිනිසා දිරිමත් කරන
ගැහැනිය මතකයේ අරක් ගනී.

5.උසස් බුද්ධියකින් හෙබි
කාන්තාව ඇසුරු කරන්න
ලැබීම කාගේ ජීවිතයකට වුව
ද වැඩදායකය.

6.ජීවිතයේ නියම සතුට හා
සෙනෙහස සදාතනික
සිහිවටනයක් වන්නේ මිනිසෙකු
විසින් ගැහැනියකගේ සිත
හරි හැටි හඳුනා ගැනීමෙන්
පසුවයි.

7.වේ‍දනාව, සතුට,උපරිමයෙන්
විඳ දරා ගන්නේ ගැහැනියයි.

8.ගැහැනියකගේ කඳුළු
කතාවක බුද්ධියට හෝ
තර්කයකට හසු නොවන තැන්
බොහෝය.

9.ගැහැනිය අපිරිසිදු වන්නේ
වරිතය අපිරිසිදු වීමෙන් ම
නොවේ‍.ඕපාදුප වලින් කට
පරිස්සම්‍ කරගන්නා
ගැහැනියකගේ පිරිසිදුකම
මිල කළ නොහැක.

10.ලෝකයේ අප්‍රමාණ දුක විඳ
දරා ගන්නේත් ගැහැනියයි.

11.මිනිස් හැඟීම්‍ හොඳින්
තේරුම්‍ ගන්නේත්, එයට
හොඳම ප්‍රතිචාරය දක්වන්නේ
ද ගැහැනියයි.

12.ගැහැනිය විලාසිතාවන් ගේ
ස්වාමි දුව මිස දාසිය
නොවිය යුතුයි.

13.පිරිමියෙකු කාය ශක්තියෙන්
තර්කයෙන්,බුද්ධියෙන් ලබා
ගන්නා බොහෝ දේවල්
ගැහැනිය කඳුළකින් ලබා
ගනී.

14.කරුණාව,දයාව,ස්නේහය
අනුකම්‍පාව වැනි උතුම්‍
මිනිස් ගුණාංගවලින් හෙබි
ගැහැනිය දුක් විඳින්නා වු
මිනිස් සිත් සැනසීම උදෙසාම
උපන්නියක වේ‍.

15.ගැහැනියකට රැක ගත හැකි
එක ම රහස ඇගේ වයසයි.

16.ගැහැනු මොන දේ බෙදා
ගත්තත් ආදරය බෙදා
ගැනීමට අකමැති ය.

17.බොරුවක් රැවටිල්ලක්
නැතිනම්‍ පිරිමියකුගේ
සෙනෙහස ගැහැනියකට
මහමෙරක් තරම්‍ වටී.

18.මොනතරම්‍ බලාපොරොත්තු
හිස දරාගෙන සිටියත්
ගැහැනියකට ජීවිතය අහිමි
වීමට ගත වන්නේ නිමේ‍ෂයකි.

19.ගැහැනිය ආදරය කරන්නේ
ආදරයට මිස පුද්ගලයාට
නොවේ‍.

20.දෙවියන් විසින් ලෝකයට
පාරිශුද්ධත්වය හා
ශ්‍රේෂ්ඨත්වය එවන ලද්දේ
ගැහැනිය මාර්ගයෙනි.

ශාන්තා වික්‍රමආරච්‍චි විසින්
ලියන ලද
“ජීවිතයේ සැනසිල්ල”
යන පොත් පිංවයෙන් උපුටා
ගන්නා ලදිමි!
ජීවිතය යනු ඇතැම්‍ විට
සන්තුෂ්ටියකි.
සන්තාපයකි.
ජීවිතය යනු ඇතැම්‍ විට
සන්තුෂ්ටියකි.
සන්තාපයකි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.