ළමා හා වැඩිහිටි දිනය

සැප්තැම්‍බර් පළවනදා දිනයක්
වෙන් කරලා
ළමයින් හා වැඩිහිටියන් හට එය
පුද කරලා
දරුවන් හට පුරුදු කරමු!
හරි හොඳ දේ පුදලා
මව්‍ පියන්ට හැකි වෙයි දිවි
ගෙවන්න සැක හැරලා

නවජ දරුවා, ළමාද, යෞවනය
තරුණ වීලා
ආලය කර බැඳ කසාද වෙන්වෙයි
ඉගිළීලා
උනුත් දරුවෝ බිහි කරලා ලොව
ලස්සණ වීලා
මුළු ලෝකෙම සුවඳ හමයි
සැමට සතුට දීලා

දරුවන් ගේ ළමා කාලේ ඇයිද?
උන්ට අහිමී
පොතපත දැණුමම මදිනේ හොඳ
පුරුදුද සුවෙමි
වැඩිහිටියන් හට ගරු කර
ලෝකය හැක දිනමි
ආගම දෙවියන් දහමට
ගරු කරලා හැදෙමි

සොබාදහම හා ගැටිලා
දුව පනින්න කියමු
උගතමනා ශිල්පයමයි එය
හොඳ සැටි රකිමු
බුද්ධිය සැමවිට හොඳ දෑ
ඇසුරු කරන් පුරමු
එකම විශ්වයක් විලසින්
බැමි බැඳලා දිනමු

වැඩිහිටියනි! ආදර්ශය පොඩි
උන් හට පුදමු
සමගිය, එකමුකුකම, ආදරයද
හුරු කරමු
ජීවිතයම දිනනා සැටි උන්ට
පුහුණු කරමු
දෙමව්‍පියනි, සමාජයට උසස්ම
දේ බෙදමු

ඔබෙ මව්‍පිය දින දින වයසට
යන බව සිතනු!
ආදරයෙන් මව්‍පිය හට ගරු
බුහුමන් පුදනු!
වැඩිහිටි නිවසක් තුල මව්‍පිය
රැකගනු නොදෙනු!
ඉවසීමද, මිනිසත්නම තුලින්
ජීවේ‍ දිනනු!

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.