මළවුන්ගේ මාසය

මව්‍පිය තනිකර දරුවන්
මරුතුරුලට යාම
දරුවන් තනිකර මව්‍පිය
දුකක්ය හැර යාම
සැමියන් නැති බිරින්දෑවරු
දුකින්ය හැම දාම
හැරගිය විය බිරිඳ සැමියා
ඒකයි ලෝ දහම

මිය පරලොව යනවිට
ආදරණීයන් දුකකි
මවත් දරුවෝ තනිවීලා
උරුමයමයි බරකි
දෑසින් වැගිරෙන කඳුළැලි
ඒක උරුම දෙයකි
දින ඇත වෙන්කරලා ලොව
සමරනවා සොදකි

“හැලොවින් නම්‍ උත්සවයක්
රටවල සමරනවා
බලන විටදි උන් ත්‍රාසය
භීතිය ඇති වෙනවා
සාතන් වන්දනාකරන
බවකුයි පැවසෙනවා
ඒ හැම දේවල්කරලා
මළවුන් සිහිවෙනවා

ඉල්මස පළවනදා
සාන්තුවරුන් සැමරීම
ඉල්මස දෙවනදා ලු
මළවුන් ගේ සැමරීම
ජපමාලය කැපකරලා
යාඤ්ඥාව කීම
මළවුන්හට ලැබේ‍ලු
ආත්මයකට සැනසීම

ඔබ මා අප හැම දෙනාම
මේ‍ ලොව හැරයාම
කිතුණුවනේ මම අගයමි
මළවුන් සැමරීම
මා මියගිය දිනෙක
දරුවෝ කරනා සැමරීම
අගයමි මළවුන් වෙනුවෙන්
කරනා පිංදීම

උදාවන මළවුන්ගේ දිනය පුරා
මසක කාලයක් පුරා දිවයයි.
අප ඔවුන් සිහිකල යුත්තේ ඔවුන්
අපට ජීවිත දානය දුන් නිසාවෙනි.
ඔවුන් නොමැති නම්‍ අද අප
මොලොව නැත.
ඒ ලබා දුන් ජීවිතයට දෙවියන්ට
ස්තූති වේ‍වා!
ඉටිපන්දම්‍ දල්වා යාඤ්ඥා කර
කරනා ඒ සිහිකිරීම වැදගත්ය.

අප හිතවත් ජැක්සන් ඇන්තනි මහතා,
සේනක ටයිටස් මහතා
හා සුනිල් පෙරේරා මහතාවද
සිහි කරමි.
සියලුම දෙනාව සිහි කරමු! 🙏🏻

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.