මහලු විය

කොල්‍ලා කාලේ‍ උජාරුයි මං
නිතර කඩිසර කමින්‍ හිටියේ
ජැන්ඩියට ඇඳ පැළඳ සරුවට
මැණික නුඹ පස්සෙන්‍ම දිවියේ
පාසැලේ දුව පැනපු කොලුකම්‍
දෙන්‍නා බැනගත්‍ වාද පිටියේ
නුඹම මට හිමි වෙලා සෙනෙහස
දුන්‍නු එදවස ලොවම දිණුයේ

කසාදෙත්‍ බැඳ දරුවො ලබලා
අනේ සෙනෙහස දෝරෙ ගැලුවේ‍
ඉපදුනා දූ ආදරෙන්‍ අපෙ කැදැල්‍ලට
මුලු ලෝකෙ හමුවේ‍
ටිකෙන්‍ ටික ඇය ඇහිදි අකුරෙන්‍
තාත්‍තේ යයි මහද පැතුවේ‍
ඇයත්‍ අද මව්‍ කෙනෙකු වීලා
ජීවිතය ගොඩ යනවා දුටුවේ‍

මටත්‍ ඉස්‍සර නුඹ ගියා මා හැර
දමා තනිකරල ලෝකෙන්‍
මතක ශක්‍තිය ටිකක්‍ අඩුවී
ඉන්‍නවා මං හරිම ශෝකෙන්‍
සීයේ කියලා බදා ගන්‍නව
දරුවො ඇවිදින්‍ දුවල වේ‍ගෙන්‍
උන්‍ගෙ සුරතල්‍ කතා ඇසුනම
සිතම පිරිලා යනච සතුටින්‍

මහලු විය තනිකමක්‍ දැනෙනව
උන්‍ගෙ වැඩ උන්‍ පාඩුවේ‍
සතුටු වෙනවා ලේනා පැටියා
දාල පොඩි උන්‍ කූඩුවේ‍
නුඹත්‍ නැති මේ‍ මගේ හදවත
රිදුම්‍ දීලම රෝගිවේ‍
සොහොන්‍ කොතකින්‍ නැගිට
ඇවිදින්‍ බලල පලයන්‍ සීරුවේ‍

ළගදි දවසක මමත්‍ එනවා
ඉන්‍න හැකි අපි දෙන්‍නට
ගතේ වාරුව හිතත්‍ සවි නැහැ
ජීවිතේ රැදි ඉන්‍නට
ජීවිතය යනු මෙයම වේ‍
හුදකලාවකි ඉවසන්‍නට
ඇහැකි නුඹ ළග හුරතලේටම
පැත්‍තකින් ඇල වෙන්නට

පිංම මදිවිය දෙන්‍න එකටම
සසරෙ ගමනක්‍ යන්‍නට
මාව තනිකර කොහොම නුඹ
ගියෙ බැහැනෙ සිත සනසන්‍නට
පිදුව සෙනෙහස ගතපුරා දිව
යනව බැහැ ඉවසන්‍නට
මහලු විය ජීවිතේ කොටසකි
වෙනව ජීවත්‍ වෙන්‍නට

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.