
අපේ රටේ බොහෝ දෙනා හැට
පැන්නම ඉන්නේ දුකෙන්
තවත් සමහරුන් ඉන්නව බලන්නෙ
නම් හරිම සැකෙන්
අතීතෙ අමතකම කරල දාල
ගෙවන දිවි සුරැකෙන්
සතුටු සිනහ මැද හැම ජීවිතත්
අපූරුවට රැකෙන්
ඔබ වයසයි කියා සිතන සිතිවිලි
ගැන ටිකක් සිතනු
“අනේ ඉතිං අපි වයසයි” කියනා
කියවිලි නවතනු
වයස ගියත් රූපය නම් තරුණයි
හදවතින් සිතනු
හැට පිරුනත් වඳුරා බිම ගමන්
යන්නේ නැහැනෙ දකිනු
වියපත්බව යුගදිවියට බාධාවක්
කර නොගනනු
නිරෝගි කම රැක ගන්නට
හැමවිට කටයුතුම කරනු
දූ දරුවන් හට ලෙඩවී අනේ
කරදරම නොකරනු
“නිරෝගිකම පරම ලාභයයි”
හැමවිට එය මතුරනු
හිමි වී ඇති ඔබේ මුදල්
රැගෙන ජීවිතය සකසනු
ස්වාධීන කම රැකගෙන
ආඩම්බර මිනිසකු වනු
දරුවන් වෙනුවෙන් මුදලක්
වෙන්කරනව ටිකක් සිතනු
කළගුණ දන්නා දරුවන් නිසා
දෙමව්පියන් රැකෙනු
වැඩකාරකමට සමහර දරු
මව්පිය උගසට තියතී
රියැදුරු,මුරකරුවන් වී අනේ
ඔවුන් දුක් විදිතී
ප්‍රාණ භුක්ති නොතියා දේපල
දරුවන් හට පවරතී
එවන් දෙමව්පියන් සතුට
නැතිවම අද දිවි ගෙවතී
දරුවන් වෙනුවෙන් වෙහෙසුනු
දැන් ඔබ නිදහස සොයනූ
පැරණි මිතුරු මිතුරියන්ද සමග
එක්ව සතුට රකිනු
ආවේගය,කණස්සල්ල,වෛරය
විසි කරල දමනු
මරණය හැම දෙනට පොදුයි
නොබියව අද දවස ගෙවනු
පින් දහම් වල යෙදෙන්න.
ආගමික පොත් පත් කියවන්න.
සංගීතය නැටුම් රස විඳින්න.
විත්‍රපට නාට්‍ය නරඹන්න.
හැකි පමණ හුදෙකලා බවින්
මිදෙන්න.
මානසිකත්වය ඉහලින්ම තබා
ගැනීමට කටයුතු කරන්න
ලියන්නේ සිත්ති සීනත්
