හදවත

හදවත කියන්නේ බලගතු දෙයක්නේ
දුකහා සැපද බලයක් එය විදින්නේ
වාවන්නටම බැහැ කඳුළැලි සලන්නේ
බිඳුණු සිතක් හැමදාමත් අඩන්නේ

හදවත් දෙකක් යා කරලා බඳින්නේ
අපමණ බලගතුම රසයක් විඳින්නේ
විටකදි සතුට දුක වෛරය මැවෙන්නේ
සුන්දර හදවතක පොකුරුයි පිපෙන්නේ

බය උන විටදී ඇයි හයියෙන් ගැහෙන්නේ
විරහ විටදි එය හොඳ හැටි දැනෙන්නේ
ඉවසනු බැරිව ඇයි කෝපය මැවෙන්නේ
පොහොසත් හදවතක් සැමදා දිලෙන්නේ

පාළුව තනිකම උරුමයි සමහර හොඳ මිනිස්සුන්ට
හදවත ගල්වෙනවානේ තව නොමිනුස් මිනිස්සුන්ට
පිං හදවත උණුවෙනවා තව සමහර මිනිස්සුන්ට
සාමය සතුටම සපිරි හද නිවියන් මිනිස්සුන්ට

ලියන්නේ සිත්ති සීනත්

සැදෑ අහස

පෑන

හදවත

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.