දවස

තත්පර, විනාඩිය, පැය විසිහතරකි දවස
රැකියා නොමැති උන්හට පාළුයි නිවස
සමහරු එන්නෙ නිවසට වැනි වැනි සවස
හිරු නැග ඇවිත් බැස යයි එය වෙයි දවස

කාලය කලමනා කරගනු හරිම වටී
ආලය පිවිතුරුම ලෙස පුද කරනු සැටි
ගැහැණිය පුද කරයි සෙනෙහස රටක් වටී
ඇගෙ ගුණ ගයනු සැමදා සෙනෙහසම කැටී

දවසත් සුන්දරයි හිමිදිරි නැගිටින්න
ලොකුඋන් දෙසති හොඳ දේ පමණක් ගන්න
මව්පිය, දෙගුරු, වැඩිහිටියන් සලකන්න
ඔබ සුන්දරම මිනිසකු වී නැගිටින්න

කාලය දන්නවනෙ රන් හා සමානයි
බෙදලා ගත්තොතින් සමබර තුලාවයි
හැම දේ ඇතුලෙ ගැබ් වී ඇති කලාවයි
පැරදුනොතින් ඉතින් ජීවිතෙ මුලාවයි

පැය ටික බෙදා පිළිවෙලකට වැඩ කරනු
කම්මැලි නොවී ජවයෙන් ගත සරි කරනු
දවසේ නුඹගෙ වගකීමක් ඉටු කරනු
සතුටින් පිරී දවසක් නුඹ ගත කරනු

දවසින් දවස අප වයසට යනවානේ
වරුවන් වැඩිල හොඳ ඔවදන් දෙනවානේ
හිරු බැස ගියත් රෑ සඳ පායනවානේ
දවසත් සුන්දරයි හිත සැන සෙනවානේ

සියළුම දෙනාටම දවස සුභ වේවායි පතමි. එය නැවත ලබා ගත නොහැක. කාලය අපතේ නොයවන්න. උපරිම පල නෙලාගන්න.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.