සිත

සිතක් ගැන හිතුනා ලියන්නට
අකුරු එක දෙක අමුනමි
ආලයෙන් බැදුනොත්ම ඒ සිත
කෙනා සොයමින් ලත වෙති

සිතක් පිරිසිදු හදවතක්
ලැබගන්න අප සැම වෙහෙසෙතී
තැලිල පොඩිවෙල ඉරිතලා එය
වේදනාවෙන් මිරිකෙතී

සිතක් නැති උන් දාන සෙල්ලම්
මුළු සමාජය කැලබෙති
සිතට අරගෙන බුද්ධියෙන් වැඩ
කලොත් සැම සෙත පෑදෙතී

සිතට එකඟව යමක් නොකලොත්
යටි සිතින් අපි වැලපෙතී
හොඳ සිතක් ඇති ළඳක් සැමදා
දැල්වෙනා මිනි පහනකි

රිදුනොතින් සිත වාවගනු බැරි
අමුතු රිදුමක් යටි සිතේ
කකියමින් එය සොයයි සරණක්
අසරණයි වරදක් නැතේ

මිනුසුනේ බොරු පොරොන්දම් දී
එපා රවටනු කිසි කෙනෙක්
සතුට නැතිවි, දුකට බරවී
වැනසී යයි ලස්සණ ලොවක්

සිත යනු මිනි පහනකි. දුකේදී අදුරත්, සතුටේදී එළියක් එය රස විදි. බිදුණු සිත් නිතරම සතුට සොයයි. එයත් රැවටීමක් නම් සිත මං මුලා වනු නියතය.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.