
අප ගේ හර්දය වස්තුව කාමර හතරකට බෙදී ඇත.
දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව
වම් කර්ණිකාව, වම් කෝෂිකාව
හාදය වස්තුව ක්‍රියා කරන්නේ වතුර පොම්පයක් ක්‍රියාත්මක වන ආකාරයටමයි.
සිරුර පුරා රුධිරය රැගෙන යන ‘පයිප්ප’ රුධිර නාල වේ. හදවතේ දකුණු පැත්තේ
‘පොම්පය’ අපවිත්‍ර රුධිරය පවිත්‍ර කිරීම සදහා පෙනහලු කරා පොම්ප කර යවයි.
පෙනහලු එ රුධිරය පවිත්‍ර කොට, වම් පැත්තේ ‘පොම්පය’ වෙත එවයි.
ඒ පොම්පය පවිත්‍ර රුධිරය, රුධිර ධමති හරහා සිරුර පුරා ඇති සෛල වෙත
යැවීමට පොම්ප කරයි.
අපේ හදවත ක්‍රියාත්මක කිරීම, එක් මිනිත්තුවකට අවම වශයෙන් වාර 72ක් වන් ස්පන්දනයකින් ක්‍රියා කරයි.
සාමාන්‍යයෙන් මිනිස් හදවතක් ග්‍රෑම් 300ක් පමණ බර වේ.
එක ස්පන්දනයකදී එය රුධිරය මිලි ලීටර් 70ක් පමණ පොම්ප කරන්නේය.
සාමාන්‍ය ස්පන්දන වේගය සලකන විට හදවතක් එක් මිනිත්තුවකට පොම්ප කරන රුධිරය ප්‍රමාණය
ලීටර් 5ක් පමණ වේ. මේ අනුව එක් දිනයකදී රුධිරය ලීටර් 7200ක්ද ජීවිත කාලයක් තුල ලීටර්
මිලියන 18ක්ද පොම්ප කර තයි කිව හැකිය.
අප තුල උපරිම ආතතිය ඇති අවස්ථාවක රුධිර සංසරණය, සාමාන්‍ය අවස්ථාවක මෙන් පස්
ගුණයක් පමණ වන බව සදහන්ය. ඔබ මිනිස් සිරුරේ ඇති (ත්රිලියන සියයක් පමණ) වු සෛල
සංක්‍යාව ගැන සිතුවහොන් මේ රුධිර සම්පාදන කාර්ය්ය එසේ මෙසේ එකක් නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. ආතතිය පසු කාලයේ හර්දයාබාධ ඇති වන්නට හේතු කාරකයක් වනු ඇත. ඔබේ හදවතට ඔබ ආදරය කරන්න.
ලියන්නේ සිත්ති සීනත්
