
ඇයිද නැත්තෙ හාල් මිලට පාලනයක්
පොල් ඇයි ගණන් රුපියල් එකසියවිස්සක්
කොහොම ගහන්නද මම දැන් පොඩි අඩියක්
ගෙදර කොහොම යන්නද වෙයි ජරමරයක්
කන්නේ කොහොම තම්බාලා හාල්ටික
ඇසුනා කියනවා වහලලු මෝල් ටික
එළවලු ගණන් කන්නට බැහැ වේල්ටික
මැසිවිලි ගොඩක් නැහැ ලැබිලා පොහොරටික
මොනවද මොකුත් නැහැනේ මේ පන්මල්ලේ
දරුවෝ දුවන් ඇවිදින් මගෙ ගතෙ එල්ලේ
මොනවා කරන්නද මගෙ මොළයම හෙල්ලේ
නාඩන් ඉදින් මම හරි ආදරෙ කෙල්ලේ
යෝදියෙ ගියෙමි කඩයට මම බඩු ගන්න
කිව්වා ගණන් හරි සැරටම මට ඔන්න
සියයක් පැනල එක එක බඩු අහගන්න
කොහොමෙයි ගන්නෙ සොච්චම් මුදලට කන්න
එළවලු ටිකක් අපි වත්තේ කරමු වගා
ලොකු ලොකු ඈයො නවතමු උන් ගන්න පගා
දේශය ගොඩ නගනු සැම එකතුවෙන් නගා
සැනසුම, සතුට, සාමය කර ගනිමු ලගා
දිළින්ද්රා සැමදාම දුප්පත්ය. එහෙත් සියලු මිනිසුන්ට එක හා
සමාන කුසගින්න නොදැනෙන්නේද? කෝවිඩ් වසංගතයෙන්
සියල්ලන්ටම බඩේ පහර වැදිලාය. එදිනෙදා දිවි ගෙවන මිනිසුන්
හරිම අසරණය. හිතේ හැටියට මිල මුදල් අතේ නැත. එහෙත්
කෙසේහෝ ජීවන් විය යුතුමය නේද?
ලියන්නේ සිත්ති සීනත්.
