වැඩි හිටි නිවාස

පැතුම් පොදි බැඳ ආදරය කර
හදට හදකුත් ළංවෙලා
සිරිත් විරිතට මුල් තැනම දී
දිවි ගෙවයි රස උතුරලා

හදල දරුවන් දෙන්න, තුන් දෙනා
සැබෑ ආලය පුදකලා
නොනිමි සෙනෙහස දෙමව් පියවී
සියළු වැඩ ටික ඉටුකලා

ළමයි ලොකු උස් මහත් වී සැම
මව් පියන්ටත් ගරු කලා
දීග ගොස් උන් කූඩු තනලා
පාට ලෝකෙක තනි වෙලා

සමහරක් ලේලිලා බෑණල
වහසි බස් ටික දොඩවලා
දෙමව්පියගේ සතුට සාමය
තිබුණ හොඳ හිත නැති කලා

බේරාගන්නට නොහැකි තැන තම
මව් පියන් උන් වෙන් කලා
පිහිට වැඩිහිටි නිවාසය වෙත
දාන්නට අදහස් කලා

සැදෑ සමයේ ගෙවන ජීවිත
නිවාසය කට කොටු කලා
බීපු කිරිටික මෑණියන්ගේ
අන්ධ වී අමතක කලා

හිතක් පපුවක් නොමැති මිනිසුනි
මව් පියන් තනි නොකරනු
කාට කාටත් කරුමෙ කැරකිල
ඒවි සිතටම අරගනු

ලියන්නේ සිත්ති සීනත්

ආදරය

නිවහන

ඇගේ නිවස

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.