
මලක තැවරුණු පිනිබිදුව සේ
නෙතින් ගලනා කඳුළු දිස්වේ
සතුට, දුක ඇති තැනක් අස්සේ
වැගිරිලා එය හදත් හිස්වේ
හරිම සතුටක් දැනෙන මොහොතට
සිනහවෙන් මුව පිරිල යාවි
එහෙත් හද ගිනිදැල් දැවෙන විට
සිතම රිදිලා රිදුම් දේවී
ගැහැණියක් හට වේය බලගතු
සමහරක් විට ඒක අවියක්
තවත් සමහර කිවිදියක් හට
ජීවිතේ ලස්සණම කවියක්
කඳුළු පිසදා නැගිට හිනැහෙනු
අහස් ගැබතුල දිලෙන තරුවක්
සවිය ගෙන සිත ශක්තිමත්කර
හදට දැම්මා වැන්න වෙළුමක්
කිඹුල් කඳුළුට මායමක් කර
මුලාවෙන් ජීවිත ගෙවන්නෝ
සමාජයෙ පිළිකුලට හසුවී
කරපු වරදට උන් සැලෙන්නෝ
ඉවසගන්නට බැරිම දුක් දේ
කඳුළු පිට කර හරින්න!
ධනාත්මක සිතිවිලින් හදවත
පෝෂණය කර දිනන්න!
සමහර විට එය සිතට සැනසීමක් ගෙන දේ.
විවිධ හේතුන්නිසා වැළපෙන්නෝ කොපමණද?
අහස පොළව නුහුරන අපරාධ. අකාලයේ මියැදෙන්නෝ කොතෙක්ද?
දරුවන්ගේ ක්රියාකලාපය නිසා ලතවෙන,
මදුවිතෙන් සප්පායම් වී සැමියාගෙන් ගුටි බැට කන
ලදුන් කොපමණද? ජීවිත කාලයේම අතුරුදහන් දරුවන්
සොයා වැළපෙන්නත් සිටිනවා නොවේද?
ලියන්නේ සිත්ති සීනත්
