සුන්දර මතකයන්

  1. සුන්දර ගම්මානයක උපත ලදිමි (රාගම)
  2. කුඹුර යායේ සී සාන හරක බාන දුටිමි
  3. කුඹුරට බැස ගොයම් කැපුවෙමි
  4. ඇළේ, දොළේ, දිය කඩිතිවල බැස මාළු පැටව් ඇල්ලුවේය
  5. වැවේ බැස රිසිසේ දිය නෑවෙමි
  6. පැණි වරකා, ලාවුළු, අනෝද, උගුරැස්ස, ජම්බු, අඹ, පේර,
    අන්නාසි, කජු පුහුලන් හොඳටම රස වින්දේය.
  7. බුසල් වලින් සහල් කිරන සැටිත්, වී තම්බා වේලන
    අයුරුත් දුටිමි
  8. ළිදෙන් වතුර ඇද අවශ්‍යතාවන් සපුරා ගතිමි
  9. පොදු නාන ලිදෙන් ගමේ කොල්ලන් හා කෙල්ලන්
    සමඟ කෙළිදෙලෙන් ස්නානය කළෙමි
  10. ගමේ බයිස්කෝප් නැරඹුවෙමි
  11. සමුපෙන් සලාක ක්‍රමයට භාණ්ඩ ලබා ගතිමි
  12. ඇලඩින් ලාම්පුවේ එළියෙන් ණැන පාදා ගතිමි ​
  13. අහසේ තරු එළියෙන්ද, කණා මැදිරි එළියෙන්ද
    රාත්‍රියක සිරි නැරඹුවෙමි
  14. දෙමව්පිය, සෙනෙහස, රැකවරණය නොඅඩුව ලබා ගනිමි
  15. කෙල්ලන් මෙන්ම කොල්ලන් සමඟද කරට කර ගෙන
    සෙල්ලම් කළෙමි
  16. කොස්කොළ තොප්පි වලින් හැඩ ගැන්වූ ඔටුනු පැළඳ ගනිමි
  17. පාසැලේදී ඉතාමත් දක්ෂ ලෙස අධ්‍යාපනය ලදිමි
  18. සමස්ථ ලංකා තරඟවලට සහභාගි වී ප්‍රථම ස්ථාන දිනා ගනිමි
  19. ගමේ එකමුතුකම, සහෝදරකම අගයමින් ජීවිතය ගෙව්වාය
  20. දශක ගණනකට පෙර සුන්දර මතකයන්.

සුන්දර ළමා කාලයක් මට ලබාදුන් සොබාදහමට අදත් මා ආදරය කරමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.