ලස්සන වදන්

  1. පොළොව මත ඇතිදේ මිනිසාගේ අවශ්‍යතා
    පිරිමසා ලීමට මිස කෑදරකම සපුරා ලීමට නොවේ.
  2. ලෝකයේ ගැහැනියක් නොවීනම් මිනිසාගේ සිත
    පාළු අම්බලමක ස්වරූපය ගනී.
  3. සිරුරට නිදීම මෙන්ම මනසට කියවීමයි.
  4. යහපත් දේ ඔබ කරන්න හොඳ නොකීවද මිනිසුන්
    ඔබ කෙරෙහි පැහැදෙනු ඇත.
  5. නූගත්කම තරම් අඳුරක් නැත.
  6. කිසිවක් සැක නොකරන්නා කිසි විට දුකට
    පත් වන්නේ නැත.
  7. ලොව ඇති උතුම්ම වස්තුව අවංක මිනිසාය.
  8. සොබාදහම දෙවියන්ගේ කලාවයි.
  9. ඔබ වේදනාත්මක අත්දැකීම් විඳ තිබේනම්
    ලෝකය හඳුනනවා ඇත.
  10. මිනිසකු විනාශ කළ හැකිය.නමුත් පරාජය
    කළ නොහැක.
  11. සෑම ඒකාධිපතියකුම නීතියේ සහ නිදහසේ
    සතුරෙකි.
  12. නරක අයකුට ගැලැවීමට ඉඩ තැබීම යනු
    හොඳ අයට පීඩා පැමිණවීමකි.
  13. කොතරම් බුද්ධිමත් වුවද උණුසුම් හදවතක්
    නැති කාන්තාව සුවඳ නැති මලක් වැනිය.
  14. කාලය විසින් විසඳා නොදෙන දුකක් වේදනාවක්
    මිහිපිට නැත.
  15. තමන්ගේ රටේ දූලි මිටක් පිටරට රන්කාසි දස
    දහසකටත් වඩා වටී.

(පොත පත ඇසුරින් සකසන ලදිමි)

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.