මගේ ගම රාගමයි. මැලේ ජාතික පවුලක තෙවන දියනියයි. සහෝදරයක් හා සහෝදරියන් සතර දෙනෙකි. හැදී වැඩී අධ්‍යාපනය ලැබුවේ කොඋ/හපුගොඩ රජයේ කණිෂ්ඨ වීතික විද්යාලයයි. ධර්මෝපදේශ පරිකෂණයෙන් ‘සම්මාන’ සාමාර්එද, අන්තර මලල නිවාස ක්‍රීඩා; දිවීම්, දුර පැනීම, කවි ගායනා තරඟ, 1973 හා 1976 ශාරිරික අභ්‍යසය දිස්ත්‍රික් ශුරතා ප්‍රථම ස්ථානයද සරඹ නායිකාවද විය. නාට්‍ය වලටද දායක විය. කඳාන සුදර්ශි ලලින කලා ආයතනයෙන් නැටුම් අංශයෙන් ‘විශිෂ්ථ’ සාමාර්ථයක් ලබා ගතිමි.

1976 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙල (N.C.G.E) විභාගයෙන් ඉතා උසස් ලෙස සමත්වුනෙමි. උසස් අධ්‍යාපනය සඳහා ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළු විමි. නිසසල පරිසරය හරිම සුන්දරය. ඇළඩින් ලාම්පුවේ ආලෝක ධාරාවන් කියවීමට, ලිවීමට හුරුකළේය. හොඳ යහළු, යෙහෙළියන් හා නිතරම දැණුම බෙදා ගතිමි. අද කාලයේ දරුවන්ට නැති සුන්දරම ළමාකාලයකට මා උරුමකම් කීවෙමි. අග හිඟකම් කොපමණ තිබුණත් මා කෙළිදෙලෙන් කාලය ගත කලෙමි.

ගමින් නගරයට මා සංක්‍රමණය විය. 1982 වර්ෂයේ ඇසෝසියේටඩ් මෝටර්වෙස් සමාගමට බැඳී සේවය කළෙමි. පරිඝණක ලංකාවට පැමිණි මුල්ම අවදියේ ආයතනයේ දන්ත ගබඩා කිරීමට මා දායක විය. යුග දිවියට පිවිස දශකයක කාලයක් ආදරයෙන් ජීවත් වූ අතර දියණියකට හා පුතුන් දෙදෙනකුට උරුමකම් කීවේය. ජීවිතයේ අඳුරුම කාලය උදාවිය. ඒ ඔහු මෙලොවින් සමුගැණිමයි. එතන් පටන් මගේ පාළුව මකා ගැනීමට ඔවුන් දායක විය. මේ සටහන තබන මොහොතේ දශක දෙකක්ද ගෙවීගොස් හමාරය. ඔවුන් දැන් වැඩිහිටියන්ය. ඔවුන්ගේ ලෝකවල ජීවත් වෙයි. අද මාව ඉතාම හොඳින් රැකබලා ගන්නවාය. ඇත්තටම මම ආඩම්බර වෙමි.

මවක් නොවන්නට මට මා ගැනම සොයා බැලිය යුතුය. සමහර විට මා කවිකාරියක්. ලේඛිකාවක් හෝ නාට්‍ය කලාවට සමීපවීමට බොහෝ දුරට ඉඩ තිබුණි. ඒ ගැන කිසිම සැකයක් නැත. මාගේ ජීවිතයේ මවුපියන් ගුරුවරුන් හා මගේ ආදරණීය යහළු යෙහෙළියන් හා සැමදෙනාවම මා ඉතාම ආදරයෙන් සිහිපත් කරමි. දසක හතරකට පසු මගේ යෙහෙළියන් අද මට හමුවී ඇත. වචන වලින් මා ලෝකය අමතන්න උත්සහ කරමි.

ඔබලාගේ අදහස්, සිතුවිලි, ප්‍රතිචාර මා බලා සිටිමි. මා මෙසේ සටහනක් තබමි.

ගලායන ජල නදියෙ තැන තැන ගල් බොරුළු පිරිලා ඇතේ
කටුඅකුල්වල පිපෙන ලස්සණ මලින් සුවඳත් විහිදෙතේ
සසරගමනේ දුක ද හා සැප සමව විඳ ගනු හදවතේ
අතී තය ගැන සිනා නොබලනු හිතට හය්යක් ගෙනගතේ

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.