හැරමිටි වාරු අරගෙන ඇය ඇවිදින්නේසීයා නිතර අනෙ ඇය පසුපස යන්නේලෝකය දැකල ඇය අප යහමඟ ගන්නේඅම්මා තරමටම ඇය ආදරෙ දෙන්නේ හාල් ටික දාල වන්ගෙඩියට ඇය කෙටුවාඉන්පසු පෙනේරෙන් ඒවා ගෙන හැලුවාවිටකදි දරද ගෙන පොරවෙන් ඇය පැලුවාආදරෙ වැඩිකට මට කිව්වේ කොලුවා දර ලිපෙ තබා මුට්ටියෙ ඇය බත ඉව්වාකොස් දෙල් තම්බලා පොල් සමගින් කැව්වාගොම්මන් වැටෙන වේලෙට බිල්ලෙක් මැව්වාඇගෙ අණ නොපිලිපැද්දොත් අප හට රැව්වා කොරටුවෙ බුලත් කඩලා ගන්නේ අතටදුම්කොළ, පුවක්,හුණු කලවම් කර කටටහැමදා විකනවා විට හදලා රහටමුළු මුව මඩල තද රතුපාටයි යසට අම්මා නොමැති දරුවන් …


Recent Comments