මගේ පුතුන්

දශක තුනක් ඇති දැඩි කලමගේ පුතා හරි හපනාපුතුගෙ ලෝකයක් තනන්නහෙට ඔහු දීගෙක යන්නා පුංචි කාලෙ නුඹේ දග වැඩබලලා මං සැනසෙන්නාටික ටික ලොකු වෙනව දැකලමගෙ යටි සිත මුමුණන්නා හබුන් කටයි බත් දෙකටයිබත් ගුලි කර මම කැව්වානුඹ තරහින් එපා කියලඅඩ අඬමින් මට රැව්වා බඩ ගහගෙන දන ගහගෙනඅම්මා යයි නුඹ කිව්වාමගෙ ලේ කිරියට හරවාඇති කරමින් මම පෙව්වා අත අල්ලන් ගාලු පාරෙපාසැල වෙත පිය මැන්නාපුතුනි නුඹව ලොකු කරන්නමව් සෙනෙහස මම දුන්නා පිය සෙනෙහස නොලබ පුතුන්මව් සෙනෙහස ලබල උතුම්උගත මනා ශිල්ප ලබලදිලිසේ රන් අඹරෙ දැකුම්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.