අවුරුද්දට එක සැරයක් ගම වතුරෙන් යට වෙනවලුඋස් තැනකම පිහිටි නිසා ඇගේ නිවස බේරුනාලුළමා-ළපටි, හරක-බාන, වළන්-පිඟන්, කොට්ට-පැදුරුගමේ ඈයො ඉන්න සුදුසු හොඳම තැනට පිය නගුවලු කුස්සියෙ දුම් මැස්සෙ තිබුණු වේලපු දෙල්, තව අටුකොස්අම්මා උන්ට බෙදා දුන්නෙ හිතපිරි ගිය හරි සතුටින්මාතර ආත්තගෙ ඔරුවෙන් ගං වතුරේ ඔරු පැදලාවිනෝද ගමනක් යනමෙන් පුංචි ඇගේ හිත පිරිලා සීඩක්කගෙ ගේ යටවී ලී පාලම කැඩිල ගිහින්එගොඩ මෙගොඩ නෑනෙ ගමන අනේ හරි දුකින්ගමේ ඈයො උසුළු, විසුළු කවි සීපද හරි හරියටකථා බහත් හරි හයියෙන් ඇයට ඇසුනලු ඇගේ ගෙදර හරි ජරමර ලිප …
Tag: වැනියං කළු වැනියං
වත්තෙ අඹ ගහේ, ඔන්චිල්ලාවක් බැඳලායෝධ ලිපක් බැදලා, කල්දේරම ලිප තබාපොල්කිරි හැද ගා, හකුරුම එයටම දාහැදුවෙ කැදක් කිව්වේ, කිරිජ්ජ කියලා ඔන්න ඔන්න මල, මෙන්න මෙන්න මලදෙමට දෙමට මල, සමන් පිච්ච මල පුංචි බතට ගැට තුඹ කොළලිද වටකර බහින බතලමේවා කියල රබන් ගහලආත්තම්මා සතුටු උනා පැහුණු බතට කිරි දාලා, කිරීම බතක් හෙම හදලාකැවුම් කොකිස් රස අළුවා, ආස්මි අතිරස හැදුවා පන්සලෙ ඝණ්ටාව නාදෙ, රතින්නා පට පට හඩලේනුන්ටද කුරුල්ලන්ට, ලබුනලූ අවුරුද්දෙ කෑම ඇගෙ අම්මා තාත්තාට, බුලත් අතක් දී වැන්දාඇය වැදළා දෙදෙනාටම, රිදී කාසි මන …
වෙද මහතා සැරසීලාබක්කි කරත්තෙන් ආවාඅං දෙක ඇති කළුම ගොනාබෙල්ලෙ ගෙජ්ජි බැඳ ආවා බෙහෙත් තෙල්ම වෙද මහතාදොඩන්දුවේ සිට ආවාබුද්දරාජ, නීල්යාදියබෙහෙත් ගුලිත් ඔහු ගෙනාවා කටු දම්පේ වෙද මහතාපුළුන් වගේ කොණ්ඩේ සුදුයිඋඩු රැවුලයි යටි රැවුලයිතේජවන්න පෙනුම සතුයි අරාබි ජාතිකයො ආවෙරට ඉදි විකුණමින් එදාලූනු වෙළෙන්දෙක් ආවේබොම්බායේ සිටලු එදා සාරි වලින් ඔළුව වසාරිදී වළලු අතට දමාදෙපයේ මුදු පා සලබදඅමුතු ඇඳුම් ඇන්ද එදා බෙලෙක් පෙට්ටි ඔළුවේ තියාපාට පාට කැවිලි හදාමොටයි වලට අපි කීවේඅනේ සීනි රැවුල් කියා අඩබෙර කාරයා හොදාබොරු කකුල් කාරයාද සදාකවි කොල කාරයන් හොදාඇගේ මතක …
ආත්තම්මාගේ සැමියායක්දෙහි මුත්තා උනාලුලෙඩක් උනොත් කොයි කවුරුත්ගියේ ඔහුව හොයා ගෙනලු මල් බුලත් තට්ටුව හදලානූල් කහ වතුරෙන් සෝදලඇප නූලක් බැඳල කරේදහ අට සන්නිය නැටුවලු පුංචි කාලේ බය උනාමයක් දෙහි මුත්තා වඩිනවමැතිරුව ගානක් ඇය හටමුළු මන්තරෙ කට පාඩම් ඇගෙ අම්මා බරපතලමලෙඩක් වෙලා හරි කලබලයක්ෂ දෝෂයක් කියලාදහ අට සන්නිය නැටුවලු තොවිල් ගෙදර කැවිලි පෙවිලිමගුල් ගෙදර සිරි ගත්තලුගොක්කොල සැරසිලි හදලාබෙර වයලා උන් නැටුවලු ගිනි ජාලා මතු කරගෙනනලාවකුත් ඔහු පිබලාඑළිවෙන කං තොවිල් නටලඇත්ත යකා මතු උනාලු පිනුම් පිටම පිනුම් ගසාකළුවරේම යකා පැනපිබෙර හඩ සේරම නැවතිසිබිල් …
ගිංතොට බෞද්ද මිශ්ර පාසලඈ අකුරු කරපු තැනයිපන්සලෙ ඒදණ්ඩ හරහායන්න ඇයට බයයි ඇළ අද්දර උණ පඳුරක්හොඳ සරුවට වැඩෙයිනිසංසලේ තනි වෙන්නටඅනේ ඇයට සිතෙයි ඇළේ මාළු රංචු පිටින්පීනුවාලු තුටින්උණ පඳුරේ සෙවනැලිදිරි ගැන්නුවාලු හොදින් සීනි බනිස ලෑටි ගෑමමට අමතක වෙලාකිරි තේ මුදලාලි හදලබිව්වලු රස බලා මූණ පුරා වැඩුණු රැවුලඇස් දෙක හරි ලොකුයිනෙරා ඇවිත් දත් කුට්ටමඝොර නාද කලයි සීතා ඇගේ හොඳ මිතුරියදෙන්න අකුරු කලාගමේ අසිරි විද මතකයපොතෙන් අවධි කලා සිබිල් නැන්දාගේ ‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් ලියන ලද අතර ඇයට නිවන් සුවය පතමි. ලියන්නේ සිත්ති …
කන්දක් ගිනි ඇවිළෙන්නේහැන්දක් කිරි බීපන්නේනින්දක් නිදියා ගන්නේමගේ පුතා නැළවෙන්නේ දොයි, දොයි, දොයි, දොයිය බබාබයි, බයි, බයි, බයිය බබාඇගෙ අම්මා ඇගෙ මල්ලිවනැලෙව්වාලු මෙහෙම කියා හිටි හැටියෙම මහ හයියෙන්අහස් ගැබේ හරි සද්දෙන්අසල්වැසියො කලබලයෙන්උන් දිව්වලු ගැහෙන හදින් ලිහිණියෙක්ද, රාජලියදදිලෙන බෙලෙක් කුරුල්ලෙක්දනෑ, නෑ, ඒ අහස් යානෙකිව්වලු සිරිදාස අයියා ඕක අමුතු දෙයක් නොවේතිබුනලු ඔය අහස් යානෙරාවණ රජ තුමා ලගත්ඉන්දියාවටත් ගියාලු සීතා කුමරිය අරගෙනලංකාවට බලෙන් ඇවිත්යුද්ධය ගැන, හනුමන් ගැනඅම්මා ඇය හට කිව්වලු සිබිල් නැන්දාගේ ‘වැනියං කළු වැනියං’ පොත ඇසුරින් මම ලියන ලදිමි. ඇයට නිවන් සුවය පතමි. …
ඉනේ රෙද්ද දෙකටනවා / පිහි ලතයක් අතින් අරන්ගස් අතරින් හෙමින් හෙමින් / ලොකු අම්මා ගමනෙ ගියා බෝවිටියා, ගද පානද / කිනිහිරියා කැප්පෙටියාකැලෑ පඳුරු පහු කරගෙන / සිබිල් නැන්දා පසුව ගියා වෙරළු ගසේ ගෙඩිත් කඩා / ඇගේ ඔඩොක්කුවට දමාමඩේ බැහැලා පන් කපලා / ගොඩට විසි කලා වත්ත පහල යෝධ කොරහෙ / සායම් කලවම් කරලාලිපේ තියල ගිනි මෙළවල / මිටියට සායම් පෙව්වා වේළුණු පන් එකතු කරල / හරි ලස්සණ රටා මවලමාගල් පැදුරක් වියලා / කවියක් කිව්වා සරණ යි සරණ යි බුද්ධං සරණ …
අල්ලපු වත්තේ තිබුනේ ඇගෙ මහගෙදරයිකැටයම් සහිත ලොකු ඇඳ තිබුණේ මැද සාලෙයිපෙනුනා එළිපත්ත උඩට කැළයයි. කුඹුරයි.කොළ තරමට ගසේ දෙහිත් තිබු බව පවසයි පහලට බැස්ස තැන සීනි ගොරක ගහපැණි බේරුනාලු කෑවලු මිහිරි පපාආත්තම්මාද කෑවලු හොඳ රසට හපාවින්දලු රසය දෙන්නම හොඳ මුකුළු පපා යකාට බය නම් සොහොනේ ගෙවල් හදනවදඅම්ම කියල ආත්තම්මට හිත රිදෙනවදවත්ත බද්දටම දීලා ඇස්සට දත නියනවාදඇඳ ගහකින් සෙවනැල්ලක් ඇදට පෙනෙනවද බැද්දෙ ඇලේ ආත්තම්මා නානවලුමැද්දෙ වතුරෙ මාළුත් පීනනවාලුඇගෙ සුදු කොණ්ඩෙ ඇකිලී විහිදෙනවාලුමලක් පිපෙනවා ලෙස ඇය දුටුවාලු හඳ ඇති දවස්වල මිදුලම රන් විමනක්බෝවිටියාද, …
කුස්සියෙ ලිප් දෙකක් තිබුණාලිපට උඩින් දුම් මැස්සයිපහල තිබුනෙ දර පොල් කොළඉහල තිබුනෙ මැටිම වලං අඹරාලා මිරිස්, කරල්ලොකුම බෝලෙ රතු පාටයිතුනපහ හරි මැටි පාටයිගොරක බෝලෙ කළු පාටයි වංගෙඩියේ පිටි කෙටුවේඅත පය හෙම විසි කරලලුකරලෑයින් පොල් ගෑ හැටිආසාවෙන් ඇය දැක්කලු කුස්සියෙ තිබු ලොකු පෙට්ටියෙකොටස් දෙකක් වෙන් කරලලුඑකක සහල් අනිකෙ තිබුනෙපැණි කලවම් රස කැවිලිලු උයන කෑම ආදරයෙන්හිතේ ඇතුව ඉව්වහමලුවැඩියෙන් රස වෙන්නෙ කියලඅම්මා ඇය හට කිව්වලු වැනියං කළු වැනියං පොතෙහි සිබිල් නැන්දාගේ මුළු තැන් ගෙය ලියන්නේ සිත්ති සීනත් …










Recent Comments