දෑස නොපෙනෙන දරුවකුගේ සිතිවිලි

ආසයි අම්මේ ලෝකෙ දකින්නටමොන පාටක් දැයි කියලාමිනිස්සු කියන්නෙ හැඩ රුව කොහොමදපේන්නේ නැහැ මට මැවිලා දවසින් දවසම මම ලොකු වෙනවාඒ කද කියන්නෙ වැඩිලාඇසෙනවා සුපුරුදු විලසම හඬවල්හිත දගලනවා ඇහිලා මලක් අරන් මම පූජා කරනවාකියන්න එහි පිං පාටඋදය, දවාලය, රැයයි කියන්නේකළුවර වෙනවද රෑට ඉදිච්ච පළතුරු කනකොට රසවත්සුවදයි නොපෙනේ පාටකවදද අම්මේ නුඹව දකින්නේලෝකය ජය ගමි දාට ‘බ්‍රේල්’ ක්‍රමයට ඉගෙන ගන්නවාලොකු මහතෙක් වී රටටමගෙ සේවය මම හරි හැටි කරනෙමිඅන්දරෙ උනාලු කවට කීචි බීචි හඬ දසතින් ඇසෙනව- මිහිරි නාදයක් සමගින්අම්මගෙ සිනහව මැවිලා පේනවා- හිනැහෙනවද ඔබ මුවගින්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.