නෙත්‍

ජීව ලොවේ‍ හැම කෙනාටමෙය මැණිකකි උරුමසොබාදහමෙ අසිරිය විඳගන්‍නට හැක අරුමනැති උනොතින්‍ “අහෝ දුකකි”ලොව බලන්‍නෙ කොහොමරැකගතයුතු හරි වටිනාදෙයකි ලොවේ‍ සැවොම භීතිය,දුක,සතුට,පුදුමප්‍රතිචාරය දේවීඑවිට නෙතඟ කදුළු බින්‍දුඅනේ ගලා යාවීපාට පාට සිහින ගොඩකසමහරු යයි පාවීඇස්‍ ඇරගෙන සිහින දකිනුජීවිත හොඳ වේ‍වී ළමා,යෟව්‍වනය,තාරුණ්‍යයනෙත්‍ පාදාවිටික ටික වයසට යනවිටපෙනුම අඩුම වේ‍විනෙත්‍ තිබුනත්‍ තව සමහරුඅනේ නොමඟ යාවිනිවැරදි ඉරියව්‍,නින්‍දත්‍නෙතට සුවය දේවි ආදර හැගුමන්‍,රාගය නෙතින්‍ඉඟි කරාවිනෙතට නෙතක්‍ හමුවන තැනමහ බලයක්‍ ඒවිනෙත්‍ දෙක පියවෙන විට සැමසුව නින්‍දට යාවිහොඳයි නරක තෝරාගනුකාලය නොම ඒවි දෑස්‍ තියා අන්ධ ලෙසින්‍සමහරු වැඩ කරනාආදරයත්‍ අන්ධ වෙලාවෛරය සිත දරනානෙතින්‍

Continue Reading

දෑස නොපෙනෙන දරුවකුගේ සිතිවිලි

ආසයි අම්මේ ලෝකෙ දකින්නටමොන පාටක් දැයි කියලාමිනිස්සු කියන්නෙ හැඩ රුව කොහොමදපේන්නේ නැහැ මට මැවිලා දවසින් දවසම මම ලොකු වෙනවාඒ කද කියන්නෙ වැඩිලාඇසෙනවා සුපුරුදු විලසම හඬවල්හිත දගලනවා ඇහිලා මලක් අරන් මම පූජා කරනවාකියන්න එහි පිං පාටඋදය, දවාලය, රැයයි කියන්නේකළුවර වෙනවද රෑට ඉදිච්ච පළතුරු කනකොට රසවත්සුවදයි නොපෙනේ පාටකවදද අම්මේ නුඹව දකින්නේලෝකය ජය ගමි දාට ‘බ්‍රේල්’ ක්‍රමයට ඉගෙන ගන්නවාලොකු මහතෙක් වී රටටමගෙ සේවය මම හරි හැටි කරනෙමිඅන්දරෙ උනාලු කවට කීචි බීචි හඬ දසතින් ඇසෙනව- මිහිරි නාදයක් සමගින්අම්මගෙ සිනහව මැවිලා පේනවා- හිනැහෙනවද ඔබ මුවගින්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.