ඔඩික්ලෝන් අතට ගත්විට සීතලක් දැනෙන්නේ ඇයි?ඔඩික්ලෝන් අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වෙයි. මෙය වාෂ්පවීම සඳහා අවශ්‍ය තාපය ලබාගන්නේ අපේ අත්ලෙනි.එනිසා අත්ලේ තාපය අඩුවී අත්ලට සීතලක් දැනේ. අකුණු ගසන විට විදුලි එළියට පසුව එහි ශබ්දය ඇසෙන්නේ ඇයි?අකුණු ගසන විට ආලෝකයත්, ශබ්දයත් එකවර ඇතිවේ.නමුත් ආලෝකය ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරනනිසා මුලින්ම ආලෝකයත් දෙවනුව ශබ්දයක් ඉහල අහසේසිට අප වෙත ලගාවෙයි. තුවාලයක් සිදු වූ විට ඉකිළිවල කුද්දැටි ඇතිවන්නේ ඇයි?තුවාලයක් ඇති වූ විට එය මත ඇතිවන බැක්ටීරියා වෛරස්වැනි විෂබීජ වසා නාල මගින් උරාගනිමින් වසා ගැටිකි කරාගෙනයයි. …
Tag: science
අයිස් ජලය මත පාවෙන්නේ ඇයි?ඕනෑම වස්තුවක් ජලයට වඩා ඝනත්වයෙන් වැඩි නම් එය ජලයේ ගිලේ. එසේම ඝනත්වය අඩුනම් පාවේ. ජලය අයිස් බවට පත්වීමේදී පරිමාව වැඩිවේ. එම නිසා ඝනත්වය අඩුවේ. එනිසා අයිස් ජලය මත පාවේ. ඉස්සාගේ රුධිරය නිල පැහැයෙන් යුතු වන්නේ ඇයි?රුධිරයේ ඇත්තේ හිමොසියනින්ය (Hemocyanin) එය ඔක්සිජන් (Oxygen) සමඟ එක් වූ විට නිල පැහැය ඇතිවේ. කැරපොත්තාගේ රුධිරය සුදු පැහැවී ඇත්තේ ඇයි?රුධිරයේ හිමොග්ලොබින් වර්ණය නොමැත. එම නිසා උගේ රුධිරය සුදු පැහැති වේ. මහළු වෙනකොට සම රැලි වැටෙන්නේ ඇයි?සම යට ඇති තෙල් හෙවත් මේද …



Recent Comments